2017 ජනවාරි මාසය වනවිට ඉන්දියාව අභිභවා යමින් ශ්රී ලංකාව වෙත සිදුකෙරෙන සංචාරක පැමිණීම්වල ප්රමුඛතම මූලාශ්රය බවට චීනය පත්ව තිබේ.
එමෙන්ම, එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්රංශය යන රටවල් සංචාරකයන් පැමිණි අනෙකුත් ප්රධාන රටවල් විය.
සංචාරක පැමිණීම්වල අඛණ්ඩ වර්ධන ප්රවණතාව තවදුරටත් පවත්වා ගනිමින්, 2017 ජනවාරි මාසයේදී පැමිණි සංචාරකයන් ප්රමාණය 219,360ක් වූ අතර, එය පෙර වසරේ අනුරූප මාසයේ සංචාරක පැමිණීම් සමග සැසඳීමේදී 12.9% ක වර්ධනයක් බව මහ බැාකුව පවසයි.