ඉන්දියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළෙඳ සැල ලෙස සැලකෙන Flipkart හි කොටස් අයිතියෙන් 77%ක් ලබාගැනීමට ඇමෙරිකාවේ ප්රමුඛතම සිල්ලර වෙළෙඳ සැල් ජාලය වන Walmart කටයුතු කර තිබේ.
ඇ.ඩො.බිලියන 20ක පමණ වටිනාකමකින් යුතු මෙම ඉන්දියානු සමාගමේ කොටස් අයිතිය ලබාගැනීම සඳහා Walmart සමගාම ඇ.ඩො.බිලියන 16ක් ගෙවා ඇති බව කියයි.
Amazon සමාගම මීට වසර පහකට පමණ පෙර ඉන්දියානු වෙළෙඳ පොළට පැමිණීමත් සමග Flipkart වෙත දැඩි තරගයක් ලබාදීමට සිදුවූ බව කියැවෙයි.
විශේෂයෙන්ම Amazon ඉන්දියනු සමාගම විසින් එරට තුළ විශේෂ වෙළෙඳ වට්ටම් ආදී ප්රවර්ධනයන් තුළින් මිලියන 100කට අධික ග්රාහක පිරිසක් ඔවුන් වටා නතුකර ගැනීමට සමත්ව තිබේ.
මෙම තත්ත්වය තුළ ඇමෙරිකාවේ ප්රබලතම සිල්ලර වෙළෙඳ සැල් ජාලය වන Walmart මෑතකදී ඇමෙරිකාව තුළ සිදුවූ බදු සහනද පදනම් කරගනිමින් ඉන්දියානු වෙළෙඳ පොළ වෙත මුදල් පොම්ප කරමින් සිය අණසක පැතිරීමට සූදානම් වන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.