සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් 2017, 2018 සහ 2019 යන වර්ෂ ශ්‍රී ලංකාවේ සංචාරක හා ආයෝජන වර්ෂ ලෙස නම් කර තිබේ.
ප්‍රථම ආසියානු හෝටල් සහ සංචාරක ආයෝජන සමුළුව පසුගිය 27දා කොළඹ හිල්ටන් හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරමින්, ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.
2020 වනවිට ශ්‍රී ලංකාවේ හෝටල් සහ සංචාරක ක්ෂේත්රය ලබාගත යුතු අභියෝගාත්මක ජයග්‍රහණය පිළිබඳ ඉදිරි වසර 3 තුළ සැලසුම් කිරීමේ අරමුණින් මෙම වර්ෂ ප්‍රකාශයට පත්කර ඇත.
ශ්‍රී ලංකාවේ හෝටල් ඇතුළු සංචාරක ආයෝජන වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති මෙම සමුළුව 29 වැනිදා දක්වා හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන අතර, ආයෝජකයන් 300කට අධික පිරිසක් ඊට එක්ව තිබුණි.
මෙහිදී, ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිලිණයක්ද පිළිගැන්වුණු අතර, ශ්‍රී ලංකා සංචාරක සංසදයේ සභාපති, හෝටල් සහ සංචාරක ආයෝජන ආසියා සමුළුවේ ශ්‍රී ලංකා සංවිධායක ප්‍රභාත් උක්වත්ත මහතා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.
අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ලෝක සංචාරක සංගමයේ ලේකම් ජෙරල්ඩ් ලෝව්ලස් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සමාරම්භක උත්සවයට සහභාගී වූ අතර, මෙම සමුළුව පසුගිය 29දා නිමාවට පත්විය.