ආහාර අංශයේ නිෂ්පාදන හා ඇසුරුම්කරණයේ යෙදෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ඔවුන්ගේ දියුණුව සඳහා කර්මාන්ත අමාත්‍යාංශය රු.මිලියන 100ක් වෙන්කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති 'PRO FOOD PRO PACK' සම්මාන උලෙළෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ආහාර සැකසුම් හා ඇසුරුම්කරණ ක්ෂේත්රයේ නියතු පිරිසගෙන් 40% කට වැඩි පිරිසක් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනවා. ඔවුන්ගේ ව්‍යාපාරික පිරිවැටුම රු.මිලියන 100කට වඩා වැඩි වෙනවා. ඒ වගේම ඔවුන් යටතේ වැඩ කරන සෘජු හා වක්‍ර රැකියාලාභීන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 ක් පමණ වෙනවා. ඒ නිසා මෙම ක්ෂේත්රය අප රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙනවා." යනුවෙනි.