දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් සිය ශ්‍රී ලංකා සංචාරය පසුගිය 02දා නිමාකළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට මෙන්ම සංහිඳියා ක්‍රියාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දරණ ප්රයත්නයට එක්සත් ජනපදයේ සහයෝගය ලබාදෙන බව ඇය ශ්‍රී ලංකාවේදී පැවැත්වූ සාකච්ඡාවලදී අවධාරණය කර තිබේ.
පසුගිය අගෝස්තු 30දා ශ්‍රී ලංකාවට පැමිණි ඇය ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන්, ද්‍රවිඩ ජාතික සන්ධානය, සිවිල් සමාජය මුණ ගැසී සාකච්ඡා පවත්වා ඇත.
එමෙන්ම, සිය සංචාරය අතරතුරදී සහකාර ඉන්දීය සාගර කලාප සම්මන්ත්‍රණයේ විශේෂ සැසියක් ඇමතීමටද සහකාර ලේකම් වෙල්ස් කටයුතු කර තිබේ.
සහකාර ලේකම්වරිය දැනට ඇෆ්ගිනිස්ථානය සහ පාකිස්තානය සඳහා වූ වැඩබලන විශේෂ නියෝජිත ලෙසද කටයුතු කරන අතර, මීට පෙර ජෝර්දාන හෂමිට් රාජධානයේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස සහ ධවල මන්දිරයේ රුසියාව සහ මධ්‍යම ආසියාව සම්බන්ධ කටයුතු පිළිබඳ ජනාධිපති සහායක ලෙස සහ රාජ්‍ය ලේකම්ගේ විධායක සහායිකා තනතුරේද කටයුතු කළ අයෙකු බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.