ඇමෙරිකා එක්සත් ජනපදයේ පැසිෆික් අනු කණ්ඩයේ මූලිකත්වයෙන් යුතු බහු ජාතික කණ්ඩායමක් ඉකුත් සතියේ ආරම්භ කළ සහන වැඩසටහන පසුගියදා යාපනයේදී සාර්ථකව නිමාවට පත්වූ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මේ යටතේ ආසන්න වශයෙන් 4,000ක පමණ ජනතාවකට මූලික සෞඛ්‍ය සේවා සැපයූ බවත්, සිසුන් 1,100ක් අධ්‍යාපනය ලබන පාසල් 4ක අලුත්වැඩියා කටයුතු සිදුකළ බවත් එම කාර්යාලය පෙන්වා දෙයි.
ආසන්න වශයෙන් මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්සත් ජනපද පැසිෆික් අනු කණ්ඩයේ සාමාජිකයන් සහ හමුදා විශේෂඥයන් 70ක් පමණ සහභාගී වූ බවත්, ඔවුන් බංග්ලාදේශ, නේපාල සහ මාලදිවයින් යන රටවල් නියෝජනය කරන බවත් තානාපති කාර්යාලය පවසයි.

.jpg)