ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සේවකයින් 2000ක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාගේ ඍජු මැදිහත්වීම මත බඳවාගත් බවට කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව දන්වා සිටියි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සේවකයින් බඳවා ගැනීමේදී අනුමත සේවක සංඛ්‍යාවට අනුව පුරප්පාඩු පිරවීම සඳහා බැංකුවේ අනුමත ක්‍රියාපටිපාටියට අනුව බඳවා ගැනීම් සිදුකර ඇති බව බැංකුව තවදුරටත් දන්වා සිටී. බැංකුවේ අනුමත සේවක සංඛ්‍යාව ව්‍යාපාරික අවශ්‍යතාවය මත අදාළ නිර්නායකයන්ට අනුව තීරණය කර ඇත.