ශ්‍රී ලංකාවේ මුළු ගෘහ කාණ්ඩ අතරින් ආහාර සුරක්ෂිත වු ගෘහ කාණ්ඩ ප්‍රතිශතය 90% ක් තරම් ඉහළ අගයක් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගෘහ කාණ්ඩවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සමීක්ෂණය ප්‍රථම වතාවට 2013/14 යන වසරවලදී සිදුකළ අතර, මුළු දිවයිනම නියෝජනය වන පරිදි නිවාස ඒකක 25,000 ක නියැදියක් මේ සඳහා භාවිත කර තිබේ.
කාර්යක්ෂම හා නීරෝගි ජීවිතයක් සඳහා රටක සියලු වැසියන්ට සෑම අවස්ථාවකදීම ප්‍රමාණවත් ලෙස ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට ඇති හැකියාව ආහාර සුරක්ෂිතතාව ලෙස සළකයි.