ආසියානු නිෂ්කාශන සංගමයේ තාක්ෂණික කමිටුවේ රැස්වීම සහ ආසියානු නිෂ්කාශන සංගමයේ 46 වැනි අධ්යක්ෂ මණ්ඩල රැස්වීම, පසුගිය 12 සහ 13 යන දිනයන්හ්දී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ආසියානු නිෂ්කාශන සංගමයේ වත්මන් සාමාජිකත්වය මහ බැංකු/මූල්‍ය අධිකාරීන් 9කින් සමන්විත වේ. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආසියානු නිෂ්කාශන සංගමයේ වත්මන් සාමාජිකත්වය උසුලයි.
ආසියානු නිෂ්කාශන සංගමයෙ අධ්යක්ෂ මණ්ඩලය, එම රටවල මහ බැංකු අධිපතිවරුන්/මූල්‍ය අධිකාරීන් හි ප්‍රධානීන් සමන්විත වේ.
ආසියානු නිෂ්කාශන සංගමයෙ කාර්යයන් අධ්යක්ෂ මණ්ඩලයට වගකියනු ලබන මහලේකම්වරයෙකු යටතේ සිදුකරනු ලබන අතර, එහි ලේකම් කාර්යාලය ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටා ඇත.