ආර්ථික රාජ්‍ය තාන්ත්රීකරණයට (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගොඩනැගීමට සූදානම් වන අන්තර් ජාල ආර්ථික දැනුම් සහ තොරතුරු සංචිතය (Economic Knowledge Platform) 2016 වසරේ මුල් කාර්තුව අවසානයේදී එළිදැක්වීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
ආර්ථික රාජ්‍ය තාන්ත්රීකරණයට (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගොඩනගා තිබෙන අන්තර් ආයතන කාර්ය සාධක බලකායේ (Inter Agency Task Force on Promotion of Economic Diplomacy) දෙවැනි රැස්වීම ඊයේ (14දා) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති අතර එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.