විදේශ වෙළෙඳාම සහ විදේශ ආයෝජනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව චීන ආයෝජක සම්මන්ත්‍රණයක් මැයි මස 10දා කොළඹදී පැවැත්වීමට නියමිතය.
චීනයේ හංජෝ ප්‍රාන්තයේ උප නගරාධිපතිවරයා සහභාගී වන මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වනුයේ විදේශ වෙළෙඳාම, විදේශ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම, චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා වෙළෙඳ කටයුතු පුළුල් කිරීම, දෙරට අතර සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කිරීම යනාදියයි.
විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට චීණයේ හංපෝ ප්‍රාන්තයේ ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහභාගී වීමට නියමිතය.