ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා සිංගප්පූරුවෙන්, ආදර්ශයට ගතයුතු ක්‍රමවේද පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගියදා එරට සංචාරයක නිතර වූ බව මුදල් අමාත්‍යාංශය කියයි.
එහිදී, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියැන් ලූන් මහතාද හමුවූ රවි කරුණානායක මහතා දෙරට අතර ආයෝජන ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව අමාත්‍යාංශය කියයි.
මෙම හමුවේදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ ඉඩප්රස්ථා පුළුල් වී ඇති බවයි. ඒ සඳහා පූර්ණ සහාය ලබාදෙන බවද ලූන් මහතා සඳහන් කර තිබේ.