ආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ආයෝජකයන් සඳහා සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කරනු ලබන මුදල, උත්පාදනය වන රැකියා අවස්ථා සහ ආයෝජන ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශය අනුව මෙම සහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මෙමගින් රැකියා දශලක්ෂයක් ඇති කිරීම, වාර්ෂිකව ඇ.ඩො. බිලියන 5 – 6 දක්වා ආදායම් ඉහළ නංවා ගැනීම සේම, ආයෝජන සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්ව නිරවුල් කිරීමට හැකිවන බවද අමාත්‍යරයා කියා සිටියි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව පවසා සිටියේ ඊයේ (14දා) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම සහන ක්‍රමවේදය ප්‍රධාන ආයෝජන වර්ග පහක් යටතේ ක්‍රියාත්මක වන බවත්, මේ යටතේ ඇ.ඩො.මිලියන 03ට අඩු ආයෝජන සහන, රැකියා උත්පාදනය පදනම් වූ ආයෝජන සහන, මහා පරිමාණ ආයෝජන සඳහා දීමනා, වරායන් සංවර්ධනය සඳහා වන ආයෝජනය සහන සහ රඳවා ගැනීමේ බදු නිදහස යන සහන හිමිවෙයි. එහිදී, ආයෝජනය කරනු ලබන මුදල, රැකියා උත්පාදනය සහ ප්‍රදේශය අනුව පදනම්ව, ක්ෂය දීමනා හිමිවන වත්කම් සඳහා යම් ආයෝජකයෙකු විසින් දරණ වියදම වැඩිදියුණු කළ ක්ෂය දීමනා ලෙස අඩු කරගත හැකි වන පරිදි නව ආයෝජන සඳහා සහන ක්‍රමය ඇති කර ඇති බවද සඳහන් වෙයි.