ශ්‍රී ලංකාවේ ආපදා සූදානම, කළමනාකරණය සහ ප්‍රතිසාධනය වෙනුවෙන් එක්සත් ජනපද මූල්‍ය හා තාක්ෂණික ආධාර ලබාදීම ගැන සාකච්ඡා කිරීමට ඇමෙරිකානු තානාපති, USAID සහ OFDA නියෝජිතයන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂප්, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්යක්ෂ රීඩ් අයිෂ්ලිමන් සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ විදේශ ආපදා ආධාර කාර්යාලයේ (OFDA) ආචාර්ය මයිකල් අර්නස්ට් යන මහත්වරුන් ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පවත්වා ඇත.