ආපදා කළමනාකරණය සහ තිරසාර සංවර්ධනය උදෙසා රාජ්ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පැවැත්වෙන දෙවැනි වාර්ෂික සමුළුව ලබන සඳුදා (05දා) යාපනයේදී පැවැත්වීමට නියමිතය.
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 6ක නියෝජිතයන්, විශේෂ ආරාධිතයන් මෙන්ම මෙරට රාජ්ය හා පෞද්ගලික අංශයන් හි නියෝජිතයන් රැසක් මෙම සමුළුවට සහභාගි වන බවද පැවසෙයි.