කල්බදු ක්‍රමයට වාහන ලබාදීම පිළිබඳව නව රෙගුලාසියක් පසුගිය අයවැය මඟින් යෝජනා කළ අතර, එම යෝජනා යටතේ වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු වටිනාකම අතර අනුපාතය (Loan to value ratio) ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන පරිදි ක්‍රියාවට නැංවෙන බව මුදල් අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා ලීසිං ආයතන වෙත ලබාදී ඇති උපදෙස් අනුව, මෙම වසරේ සිට ත්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථ කල්බදු ක්‍රමයට ලබාගැනීම සඳහා නව නියාමන ක්‍රමවේදය ක්‍රියාවට නැංවෙන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.