රටක ආර්ථික විෂමතාව රාත්‍රී කාලයේ අභ්‍යවකාශයේ සිට ගනු ලබන ඡායාරූපවලින් කැපී පෙනෙන බව ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙකු වන ප්‍රවීණ් චක්‍රවර්තී සහ විවේක් දෙහෙජියා පවසති.
ඇමෙරිකානු ගුවන් හමුදා ආරක්ෂණ කාලගුණ විද්‍යා චන්ද්‍රිකා වැඩසටහන මගින් ගනු ලැබූ ඡායාරූප මෙම අදහස් දැක්වීමට ඔවුන් යොදාගෙන තිබේ.
මෙම චන්ද්‍රිකා දිනකට පෘථිවිය වඩා 14 වතාවක් ගමන් කරන අතර, එමගින් රාත්‍රී කාලයේ පෘථිවියේ දැල්වෙන පහන් ආලෝක සිය කැමරාවන්ට හසුකර ගනියි.
ඒ අනුව, මේ ඡායාරූප ඔස්සේ ඔවුන් සැකසූ සිතියම්ගත ඡායාරූප ආශ්රයෙන් කරුණු පැහැදිලි කරන මෙම විද්‍යාඥයන්, පවසන්නේ ඉන්දියාවේ එක් එක් ප්‍රදේශයන් තුළ පවතින ආර්ථික විෂමතාව මේ මගින් වඩාත් ප්‍රකට කරන බවයි.
ඒ අනුව, මෙම චන්ද්‍රිකා දත්ත සැලකීමේදී රාත්‍රී අහස ආලෝකවත් කර ඇත්තේ ඉන්දියාවේ දිස්ත්‍රික්ක 640න්, ප්‍රාන්ත 12ක දිස්ත්‍රික්ක 387ක් බව ඔවුහු පෙන්වා දෙති.
මෙම දිස්ත්‍රික්කවල ඉන්දියාවේ ජනගහනයෙන් 85%ක් ජීවත් වන අතර, එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 80%ක්ද, පාර්ලිමේන්තු ආසන 87%ක් පමණද නියෝජනය කරයි.
ඒ අතරින්, රාත්‍රී අහස අන්ධකාරයේ පවතින ප්‍රදේශ ආර්ථිකමය වශයෙන් ක්‍රියාශීලී නොවන දිස්ත්‍රික්ක බව පෙන්වා දෙන මෙම ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ, මේ තුළින් එරට ආර්ථිකයේ පවතින විෂමතාව මනාව පිළිබිඹු වන බවයි.
කෙසේ වෙතත්, මෙම චන්ද්‍රිකා දත්ත දෙස බැලීමේදී ඉන්දියාවට පහළින් වූ ශ්‍රී ලංකාව ගැනද අවබෝධයක් ලබාගත හැකි අතර, එහි යම් ආලෝකයක් පවතින්නේ බස්නාහිර පළාත තුළ පමණක් බව ප්‍රකට වෙයි.