2017 වසරේ අප්‍රේල් මාසයේදී වෙළෙඳ හිඟය, 2016 වසරේ අප්‍රේල් මාසයේදී පැවති ඇ.ඩො.මිලියන 751 හා සැසඳීමේදී ඇ.ඩො.මිලියන 809 ක් දක්වා සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ.
මේ අනුව, 2017 වසරේ පළමු මාස හතර තුළ සමුච්ඡිත වෙළෙඳ හිඟය ඇ.ඩො.මිලියන 3,314ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, 2017 අප්‍රේල් මාසයේදී අපනයන ආදායම ඇ.ඩො.මිලියන 795ක් දක්වා 11.9% කින් ඉහළ ගොස් ඇති අතර, ඒ සමගම ආනයන වියදමද එම මාසයේදී ඇ.ඩො.මිලියන 1,604ක් දක්වා 9.8% කින් ඉහළ ගොස් තිබේ.