2017 අප්‍රේල් මාසයේ ආනයන වියදම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී ඇ.ඩො.මිලියන 1,604ක් දක්වා 9.8% කින් ඉහළ ගොස් තිබේ.
සමස්ත ආනයන වියදම ඉහළ යෑම සඳහා අන්තර් භාණ්ඩ ආනයන (74.7% කින්) වැඩිම දායකත්වය ලබාදී ඇති අතර, පාරිභෝගික භාණ්ඩ ආනයන 20.2% කින් සහ ආයෝජන භාණ්ඩ ආනයන 5.7%කින් මේ සඳහා දායක වී තිබේ.
2017 අප්‍රේල් මාසයේ අන්තර් භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී ඇ.ඩො.මිලියන 886ක් දක්වා 13.7කින් ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන හා මූල ලෝහ ආනයන වියදම් ඉහළ යෑම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.