ඓතිහාසික අනුරාධපුර පූජා නගර සංවර්ධනය සඳහා වන අදහස් සාකච්ඡා කරන පූජා නගර සංවර්ධන කමිටුව ඊයේ (27දා) රැස්ව තිබේ.
ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ ,මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම දෙපලාතේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා වැඩම කළ බව පවසයි.
අනුරාධපුර මහ දිසාපති ආර්.එම් .වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේ දී මූලික අවධානයක් යොමු වී තිබුණේ දැනට ක්‍රියාත්මක කිරීමට යෝජිත අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳවය. මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වයි. එය මුලික වශයෙන් ප්‍රංශ ආධාර යටතේ ක්‍රියාත්මක වේ.
නාගරික ජාලාපවහනය දියුණු කිරීම, ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරිම, නාගරික පොදු අවශ්‍යතා වැඩිදියුණු කිරිම මෙන්ම උරුම කළමනාකරණය සඳහා පවතින ආයතනවල ධාරිතාව වැඩිදියුණු කිරිම යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. අදාළ ව්‍යාපෘතිය පිළිබඳව මහා සංඝරත්නයේ අදහස් විමසිමද මේ අවස්ථාවේදී සිදුවී තිබේ.
යෝජිත අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ මුලික හඳුනා ගැනීම් කටයුතු 2015 වසරේ දී ආරම්භ කළ අතර ලබන වසරේ මුල සිට ඉදිකිරීම් ඇරඹීමට සැලසුම් කර තිබේ. වර්ෂ 2021 දී ඉදිකිරීම් නිමා කිරීම ව්‍යාපෘති සැලසුම් කරුවන්ගේ අපේක්ෂාව බව පවසයි.