අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට කටයුතු කිරීම ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කර තිබේ.
මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙය අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සත්‍ය සොයා ගැනීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයන් ලැබූ විශේෂ ජයග්‍රහණක් බවයි.
මෙම ක්‍රියාවලිය වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බවත්, මෙය කඩිනමින් සක්‍රීයව ක්‍රියාත්මක වනතුරු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා බලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.