මෙම කන්නයේ අතිරික්ත එළවළු ඉක්මනින් මිලදී ගනිමින් එම එළවළු ආපිකෝ සුපිරි වෙළෙඳ සැල් ජාලය හරහාද බෙදාහැරීමට කටයුතු කෙරෙන බව විශේෂ කාර්යභාර අමාත්‍යාංශය පවසයි.
ආර්පිකෝ සුපිරි වෙළෙඳ සැල් ජාලයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා සමග විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුම පිළිබඳ අමාත්‍ය සහ විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සාකච්ඡා කිරීමෙන් පසුව සිය වෙළෙඳ සැල් ජාලය හරහාද මෙම එළවළු බෙදාහැරීමට වහාම පියවර ගන්නා ලෙස ඔහු නියෝග කර ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
එහිදී, ලාභය නොතකා ගත් මිලටම එම එළවලු පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට ඒ මහතා අමාත්යවායා වෙත පවසා ඇති බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
අමාත්‍යවරයා මෙලෙස සේන යද්දෙහිගේ මහතා සමඟ අදහස් හුවමාරු කරගෙන තිබුණේ, දඹුල්ල වෙළෙඳ මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන අතරතුරදී බව සඳහන් වේ.