2017 ජූලි මාසයේ 6.3%ක් වූ ලක්ෂ්යමය උද්ධමනය 2017 අගෝස්තු මාසයේදී 7.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
උද්ධමනය ඉහළ යාමට 2016 අගෝස්තු මාසයේ පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 5.3%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.7%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත.
එහෙත් 2016 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ මිළ ගණන් සාපේක්ෂව අවම මට්ටමක පැවතීම නිසා එම මාසයේ උද්ධමනය සඳහා මෙම එක් එක් කාණ්ඩයේ දායකත්වය පිළිවෙලින් 1.8%ක් හා 2.6%ක් විය.