ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙළීමේ නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබේ.
නව රජය 2020 අයවැය සමග සිය මධ්‍ය කාලීන ප්‍රතිපත්ති රාමුව ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක, ෆිච් රේටින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ මධ්‍ය කාලීන, මූල්‍යකරණ විකල්ප සහ ණය තිරසාර අවදානම් පිළිබඳ ශ්‍රී ලංකාවේ බාහිර ණය ආපසු ගෙවීමේ ධාරිතාව පිළිබඳව ශ්‍රේණිය පහත හෙළීම කණස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත.
එහිදී ෆිච් රේටින්ග්ස් විසින් මතු කරන ලද උත්සුකයන් ඇතුළු මෙකී ගැටලු විසඳීම සහ රටේ අඛණ්ඩ ආර්ථික ප්‍රකෘතිය සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා නව රජයේ ශක්තිමත් ප්‍රතිපත්ති රාමුව හඳුනා ගැනීමට අපොහොසත්ව ඇති පරිසරයක, මෙම පහත හෙළීම පිළිනොගන්නා බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.