චීනයේ ප්රමුඛතම විදුලි සංදේශ හා දුරකථන සමාගම වන හුවාවේ සමාගමේ පසුගිය මාසයේ විකුණුම්වල 40%ක පහළ යෑමක් පැවතියද, ඉතා ඉක්මණින්ම සුපුරුදු ගමන් මාර්ගයට සමාගම පැමිණෙන බව හුවාවේ නිර්මාතෘ රෙන් සෙන්ග්ෆෙයි පවසයි.
හුවාවේ සමාගමට එරෙහිව එක්සත් ජනපදය විසින් ගෙනා සම්බාධක හේතුවෙන් සමාගමේ නිෂ්පාදන කෙරෙහි මේ වනවිට බලපෑමක් එල්ල වී ඇති අතර, ඔවුන්ගේ නිෂ්පාදනය එක්සත් ජනපද ඩොලර් බිලියන 30කින් පමණ අඩු කිරීමටද ඔවුන් කටයුතු කර තිබේ.
සමාගමේ ප්රධාන මූලස්ථානයේ සිට සභාපතිවරයා මෙම අදහස් පළ කළ අතර, ඉදිරි දෙවසරක කාලයේදී මෙසේ ඇ.ඩො.බිලියන 30කින් නිෂ්පාදනය අඩු කරන බව ඔහු කියා සිටියේය.
ලෝකයේ විශාලතම විදුලි සංදේශ උපකරණ නිෂ්පාදනයේ නිරත සමාගම මෙන්ම, ලොව දෙවැනි විශාලතම ජංගම දුරකථන සමාගම ලෙස විරුධාවලිය ලැබූ හුවාවේ සමාගම චීනය වෙනුවෙන් ඔත්තු බලන බව පවසමින් එක්සත් ජනපදය මෙම සම්බාධක පැනවීම සිදුකළේය.
ඒ අනුව, 2019 වසරේදී ඇ.ඩො.බිලියන 125ක විකුණුම් පුරෝකථනය කර තිබුණු හුවාවේ සමාගම මේ වනවිට 2019 සහ 2020 යන වසරවල විකුණුම් ඇ.ඩො.බිලියන 100ක මට්ටමක පවත්වා ගැනීමට සූදානම්ව සිටියි.
නමුත්, 2021 දී ඔවුන් නැවතත් සුපුරුදු තරගකාරී ගමන් මාර්ගයට පිවිසෙන බව හුවාවේ සභාපතිවරයා අවධාරණය කර තිබේ.