හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විසින් මුදා හරින ලද ඉහළතම තොග ප්‍රමාණය වාර්තා කරමින් මෑතකදී ඉන්සි සිමෙන්ති සඳහා ගෙන ආ ජිප්සම් තොග දිනකට මෙට්‍රික් ටොන් 24,000ක් බැගින් හසුරුවා තිබේ.
ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රසම්පාදන හා සැපයුම්හි අධ්යක්ෂ තුසිත් ගුණවර්ණසූරිය මහතා පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ වරායකට වේගය සහ කාර්යක්ෂමතාව අනුව හිමිවූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. හම්බන්තොට වරායෙහි තොග හැසිරවීමේ වේගය මීට වසරකට පමණ පෙර දිනකට මෙට්‍රික් ටොන් 12,000ක් පමණ වූ බවත්, එය 100%ක් ඉහළ ගොස් ඇති අතර ඵලදායිතාව දෙගුණයකින් ඉහළයාම හා විශිෂ්ට සේවාවන් පිරිනැමීම, කැපී පෙනෙන බවත් තුසිත් මහතා සඳහන් කළේය.
HIPG හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී සයිලේෂ් පීරෙස් මහතා සඳහන් කරන්නේ ඉහළ ඵලදායිතාව, විධිමත් මෙහෙයුම් හා විශිෂ්ට සම්බන්ධීකරණය, වරායේ ඉහළ කාර්යක්ෂමතාවට හේතු වන බවයි. "ඒ හැරුණු විට, අපගේ කණ්ඩායමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම දෝෂ රහිතයි. දොඹකර හරහා බෑම, ට්‍රක් රථවලට ද්‍රව්‍ය පැටවීම යනාදිය ඇතුලත් වන මෙවැනි මෙහෙයුමක් හැසිරවීමේදී බොහෝ බාධක පැන නඟිනවා. එමෙන්ම පරිසරයට අවම බලපෑමක් ඇතිවන අයුරින් කටයුතු කිරීම, මෙහෙයුමට සම්බන්ධ පුද්ගලයන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කිරීම අප විසින් සිදුකළ යුතුයි. මෙම සියලු බාධක මධ්‍යයේ මෙවැනි ඵලදායීතා මට්ටමක් වාර්තා කිරීම හම්බන්තොට වරායේ මෙහෙයුම්වල සන්ධිස්ථානයක් වෙනවා. එය ශ්‍රී ලංකා වරායක් වාර්තා කළ පළමු වැනි අවස්ථාව යැයි අපි විශ්වාස කරනවා." යැයි පීරෙස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
HIPG හි වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසන්නේ පූර්ණ ක්‍රියාකාරී බහුකාර්ය වරායක් බවට පත්වීමේ ඉලක්කය වෙත හම්බන්තොට වරාය වේගයෙන් ළඟාවන බවයි. ඔහු සඳහන් කරන්නේ ලොව පුරා ඇති සියලුම සී.එම්.පෝර්ට් මෙහෙයුම්හී ප්‍රධාන කොටසක් වන, ප්‍රශස්ථ කාර්යක්ෂමතාව සඳහා ඔවුන්ගේ පද්ධති අඛණ්ඩව පුහුණු කිරීම සහ පරීක්ෂා කිරීම් ඇතුලත් වන ආකාරයට වරාය සෑම මට්ටමකින්ම සන්නද්ධ වන බවයි.