විදේශ සේවා නියුකිත්කයන්ගේ ප්‍රේෂණ ලැබීම් 2018 මාර්තු මාසයේදී ඇ.ඩො.මිලියන 678 දක්වා සැලකිය යුතු ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2018 පෙබරවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල යම් අඩුවීමක් දක්නට ලැබුණි.
ඒ අනුව, 2018 පළමු කාර්තුවේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2017 අනුරූප කාර්තුව සමග සැසඳීමේදී ඇ.ඩො.මිලියන 1,979 දක්වා 3.5%කින් වර්ධනය වී තිබේ.