ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල ජනගහන ව්‍යාප්තිය මෑත වර්ෂවල ඉතාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති වටපිටාවක, 'ස්මාට් පුරවරයන්' පිළිබඳව වර්තාමානයේදී බොහෝ සෙයින් කතාබහට ලක්වෙයි. මේ හා ගැනෙන 'ස්මාට් ස්ට්‍රීට් ෆර්නිචර්' යනු නාගරික ජනයාගේ ජීවන රටාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන නවතම සංකල්පයකි.
'ස්මාට් ස්ට්‍රීට් ෆර්නිචර්' යනු, මහජනයා බහුලව ගැවසෙන ස්ථානවල කුඩා සන්නිවේදන ජාල ඇතුළත් කර තනා ඇති විවිධ ආකෘතීන් අර්ථ දක්වන්නකි. එළිමහන් දැන්වීම් පුවරු, විදුලි පහන් කුලුණු, බස් නැවතුම් පොළ, දුරකථන කුටි, උද්‍යාන බංකු, පොදු උපයෝගීතා කණු ආදිය මෙවැනි කුඩා සන්නිවේදන ජාල සහිත 'ස්මාට් ස්ට්‍රීට් ෆර්නිචර්' සඳහා නිදසුන් වෙයි.
විශේෂයෙන්ම, හදිසි ආපදා අවස්ථාවකදී බාධා රහිත සන්නිවේදන සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට මෙවැන්නක් ඉවහල් වෙයි. මෙමගින්, මරාන්තික විපත් 10%කින් අඩුකර ගැනීමටත්, අපරාධ සිද්ධීන් 40%කින් පමණ අඩුකර ගැනීමටත්, හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ කාලය ශීඝ්‍රයෙන් පහත හෙළීමටත් හැකි බව ඔප්පු වී ඇති අතර, මෙය ආපදා කළමනාකරණයේදී අතිශයින් තීරණාත්මක සංකල්පයක් ලෙස සැලකෙයි. මීට සමාන තාක්ෂණයන් මේ වනවිටත් ලන්ඩනය, සිංගප්පූරුව, ටෝකියෝ, සෝල්, නිව්යෝක් සහ ක්වාලලම්පූර් යන නගරවල ස්ථාපිත කර තිබේ.
එමෙන්ම, ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීමෙන් ඔබ්බට ගොස් 'ස්මාට් ස්ට්‍රීට් ෆර්නිචර්' සේවා පහසුකම, නගරවල රථවාහන තදබදය පිටුදැකීම පිණිසද භාවිත කළ හැකිය. ඒ අනුව, ගමනාගමනය සඳහා ගතවන කාලය වර්ෂ 2025 වනවිට මධ්‍යස්ථ වශයෙන් 15%ත්, 20%ත් අතර ප්‍රමාණයකින් අඩුකිරීමට හැකිවෙතැයි අනුමාන කෙරෙයි..