ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනයන්හි (සියැසන්) අධිපතිවරුන්ගේ 54 වැනි සමුළුව, උසස් මට්ටමේ සම්මන්ත්‍රණය හා සියැසන් අධිපති මණ්ඩලයෙහි 38 වැනි රැස්වීම කොළඹදී පැවැත්වීමට අනුග්‍රහය ලබාදී තිබේ.
නොවැම්බර් 29දා සිට දෙසැම්බර් 02දා දක්වා පැවති සියැසන් සමුළුව සඳහා සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි අධිපතිවරු සහ නියෝජිතයන් සහභාගී වී ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ, මිත්සුහිරෝ ෆුරුසාවා මහතා ප්‍රධාන දේශකයා ලෙස සමුළුවට සහභාගී වී තිබේ.
සියැසන් මධ්‍යස්ථානය ආසියා පැසිෆික් කලාපය තුළ මූල්‍ය, මුදල් හා බැංකු ආශ්රිත කරුණු පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවත්, වර්ෂ 1982 පිහිටුවන ලද සියැසන් ආයතනය ආසියා පැසිෆික් කලාපයේ පිහිටි මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්ට අධ්‍යාපනික වැඩසටහන්, පර්යේෂණ කටයුත සහ සම්බන්ධතා හරහා සිය සේවා ලබාදෙන බවද කියයි.
ඒ අනුව, මෙවර සම්මේලනයේ තේමාව වී ඇත්තේ, 'ශීඝ්‍රයෙන් වෙනස් වන වාතාවරණයක මුදල් ප්‍රතිපත්තිය' යන්නයි.