කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය 2021 ජනවාරි 18 වැනි දින ගනුදෙනු අවසානයේදී සටහන් විය. ඒකක7,922.66 ලෙස දැක්වූ අගය 2011 පෙබරවාරිමස 14 වැනි දින තැබූ ඒකක 7,811.80 වාර්තාව අභිභවා ඇත.
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්රවශිලී කොටස් ඇතුළත් වන S&P ශ්රී ලංකා 20 දර්ශකය සමස්ත අගය 3,000 ඉක්මවා 3,003.30ක් ලෙස 2021 ජනවාරි 18 වැනි දින සටහන්විය.