ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සහ සමාජ ආර්ථික තත්ත්වය නංවාලීමේ අරමුණෙන් ක්‍රියාත්මක 'සපිරි ගමක්' ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ඔක්තෝබර් මස 31දා වනවිට මේ වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති 37,000 අතරන්, ව්‍යාපෘති 20,117ක වැඩ අවසන් කර ජනතාව වෙත ප්රතිලාභ ලබාදීමට කටයුතු කර ඇති බවත්, එම ව්‍යාපෘතිවල වටිනාකම රු.මිලියන 15,000ක් බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
ගම සහ නගරය එනිකෙන යා කිරීම මගින් ග්‍රාමීය වෙළෙඳ පොළ නගරය හා එක්කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ ප්‍රධාන ස්ථානයක් හිමිව ඇත්තේ ග්‍රාමීය මාර්ග ඉදිකිරීම හා අලුත් වැඩියාව සඳහාය.
මෙම වැඩසටහන යටතේ නව ඉදිකිරීම් සහ අබලන් වූ මාර්ග පිළිසකර කිරීම් ඇතුළත්ව ජනතාවට හිමිවී ඇති සමස්ත මාර්ග කිලෝමීටර් සංඛ්‍යාව 2,915කි. එම මාර්ග පද්ධති හා සම්බන්ධ වී ඇති බෝක්කු 362ක් අලුතින් ඉදිකර ඇති අතර, නවීකරණය කරනලද බෝක්කු සංඛ්‍යාව 82කි. මීට අමතරව අලුතෙන් ඉදිකළ සහ නවීකරණය කරනලද ග්‍රාමීය පාලම් 50ක්ද මෙම වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්ව තිබේ.