2018 සැප්තැම්බර් මාසයේ උද්ධමනය අගෝස්තු මාසයේ පැවති 2.5%ක උද්ධමනයට සාපේක්ෂව 0.9% දක්වා පහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්යමය පදනම මත මෙසේ පහළ ගොස් ඇත.
මෙම පහළ යෑම සඳහා පදනම් බලපෑම් සහ ආහාර මිලෙහි වූ මාසික පහළ යෑම හේතු වූ බව කියයි.
එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස 2018 අගෝස්තු මාසයේදී වාර්තා වූ 4.7% සිට සැප්තැම්බර් මාසයේදී 4.0% දක්වා පහළ ගොස් තිබේ.