ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ශ්‍රී ලංකාව ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් පියවරක් පහත දමා තිබේ.
ඔවුන් නිවේදනය කරන්නේ B- තත්ත්වයේ සිට CCC+ තත්ත්වය දක්වා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැමීම සිදුකර ඇති බවය.
ඉහළ යන බාහිර මූල්‍ය අවදානම සහ විනිමය පිරිහීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව කෙරෙහි මෙම පියවර ගෙන ඇතැයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පවසයි.
විශේෂයෙන්ම නිල මූලාශ්‍රවලින් ලැබෙන අරමුදල් රටේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව පවසන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්, ශ්‍රී ලංකාවට අධික පොලී ගෙවිය යුතු වාණිජ අරමුදල් අවශ්‍ය විය හැකි බවද පෙන්වා දෙයි.