සංචාරක ක්ෂේත්රය සඳහා පරිවර්තනීය ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කෙරෙන සංචාරක බ්ලොග්කරුවන්ගේ ක්ෂේත්‍ර සමුළුව (TBC ASIA 2018) සඳහා සහභාගී වීම යනු ඔබ මේ වසරේදී ගනු ලබන විශිෂ්ටතම වෘත්තීය තීරණයක් බව සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් පවසයි.
මූලික වශයෙන් මෙම සමුළුවේදී ඔබට සෘජුවම භාවිත කළ හැකි කරුණු අධ්‍යයනයන් සහ ක්‍රියාවට නැංවිය හැකි අන්තර්ගතයන් ගෙනඑන බව පෙන්වා දෙන ඔවුන්, මෙම සමුළුව සැලසුම් කොට ඇත්තේ CNN, Google, Expedia Group, Tourism Tribe, Zandu සහ Professional Travel Bloggers Association ආදී ප්රවීණයන්ගේ අන්තර්ගතයන් සමග බවද පවසයි.
එමෙන්ම, ඔබේ වෘත්තිය පිළිබඳ සබඳතා ගොඩනගා ගැනීම සහ දිගුකාලීන ව්‍යාපාර සම්බන්ධතා වර්ධනය කරගැනීමටද මෙය අවස්ථාවක් බවද ඔවුන් පෙන්වා දෙයි. ලොව ප්‍රකට දේශකයන් පමණක් නොව, සංචාරක අවකාශය තුළ වඩාත් ප්‍රබල බ්ලොග්කරුවන් 60ක් පමණ මීට සහභාගී වීමට නියමිතය.
එසේම, පූර්ව සංචාරයකින්, සමුළුවකින් හා සම්මාන උළෙලකින් සමන්විත මේ ආකාරයේ ප්‍රථම සහ එකම ඉසව්ව මෙය බවද සඳහන් වේ. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වෙන සංචාරක බ්ලොග්කරුවන්ගේ සමුළුව සහ සම්මාන උළෙල ඒ ආකාරයේ ප්‍රථම ඉසව්ව වන අතර, 2014 වසරේ ආරම්භ කරනු ලදුව මෙවර එය පවත්වන්නේ තෙවැනි වතාවට බවද කියයි.
ඔබේ ව්‍යාපාරය පිළිබඳව සහ දිනපතා අභියෝගයන්ට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබඳව උසස් මට්ටමේ දැනුමක් ලැබීමට මෙම සමුළුව තුළින් අවස්ථාව සැලසෙන බැවින් මෙය මුදලට නියම වටිනාකමක් හිමිවන්නක් බවද ඔවුන් පෙන්වා දෙයි.
ඉන් නොනැවතී, කලින් පැමිණ ලියාපදිංචි වන්නන් සඳහා 10%ක විශේෂ දීමනාවක් හිමිවන බවත් පවසන ඔවුන්, www.tbcasia.com, www.cinnamonboxoffice.com වෙබ් අඩවි ඔස්සේ වැඩිවිස්තර ලබාගත හැකි බවද පවසා සිටියි. එලැඹෙන ඔක්තෝබර් 30දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වෙනක්සබබ්පදබ සංචාරක බ්ලොග්කරුවන්ගේ ක්ෂේත්‍ර සමුළුව (TBC ASIA 2018) සඳහා ඔබේ අසුන වෙන්කරවා ගන්නා ලෙස සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් වැඩිදුරටත් පවසයි.