සාමාන්‍යයෙන් වසරේ සංචාරකයන් අඩුවෙන් පැමිණෙන කාලයක් වුවද 2018 ජූලි මාසයේදී සංචාරක පැමිණීම් 6.0%ක මධ්‍යස්ථ වර්ධනයක් පෙනනුම් කර තිබේ.
ඒ අනුව, පැමිණි සංචාරකයන් ප්‍රමාණය වාර්තා වී තිබුණේ 217,829ක් ලෙසිනි.
2018 වසරේ පළමු වැනි මාස 7 තුළදී පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,382,476ක් වූ අතර, එය 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 13.7%ක වැඩිවීමක් බව කියයි.
2018 ජූලි මාසයේදී සංචාරත ඉපැයීම් ඇ.ඩො.මිලියන 404ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2018 වසරේ පළමු මාස 7 තුළ මුළු සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇ.ඩො.මිලියන 2,564ක් විය.
ඉන්දියාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය යන රටවල්වලින් පැමිණි සංචාරක පැමිණීම්හි වර්ධනය, කාලපරිච්ඡේදය තුළ මුළු සංචාරක පැමිණීම්වල වර්ධනය සඳහා දායක වී තිබේ.