පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංචාරක පැමිණීම් 30%වත් අඩුවිය හැකි අතර, ඉන් රටේ ආර්ථිකයට ඇ.ඩො.බිලියන 1.5කවත් පාඩුවක් සිදුවනු ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
වත්මන් වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (26දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"මේ සිද්ධිය සමග වෙන්න පුළුවන් දේ තමයි, අපේ ආර්ථිකයට වෙන හානිය. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සංචාරකයන්ගේ පැමිණීම 10%කින් පහළ වැටුණොත් අපට ඇ.ඩො මිලියන 500ක පමණ පාඩුවක් සිදු වෙනවා. අපි හිතනවා මේ සිද්ධිය නිසා සංචාරකයන්ගේ පැමිණීම 30% වගේ ප්‍රමාණයකින් අඩුවෙයි කියල. ඒ අනුව, ඇ.ඩො. බිලියන 1.5ක වගේ ප්‍රමාණයක් පාඩුවක් සිදුවෙයි කියලා අපි හිතනවා.
නමුත් අපේ ආර්ථිකය පවතින තත්ත්වයන් එක්ක මේ තත්ත්වයන්ට මුහුණ දීල ඉක්මණින් අපට යථා තත්ත්වයට පත්වෙන්නට පුළුවන්. ඊජිප්තුව වසර එකහමාරක වගේ කාලයක් තුළ යථාතත්ත්වයට පත්වුණා. ඉන්දුනීසියාව, ටියුනීසියාව වගේ රටවල් යථාතත්ත්වයට පත්වුණා. උද්දමයනය අඩුවෙමින්, බැංකු පොලී අනුපාත අඩුවෙමින්, රුපියල ශක්තිමත් වෙමින්, අපනයන ශක්තිමත් වෙමින් තියෙන මේ මොහොතේ අපට මේ තත්ත්වයන් පහසුවෙන් මුහුණ දෙන්න හැකියි."