ප්‍රකට ව්‍යවසායිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මිය, තමන් සාමාජිකාවක ලෙස කටයුතු කළ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වන බව දැනුම් දී තිබේ.
ඒ අනුව, 2019 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකා තනතුරින් ඇය ඉල්ලා අස්වන බව සිංගර් (ශ්‍රී ලංකා) සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දැනුම් දී ඇත.
2018 අගෝස්තු මස 01දා සිට සිංගර් ශ්‍රී ලංකා හි විධායක නොවන අධ්යක්ෂවරියක් ලෙස පත්වූ ඇය, එම සමාගම් ඉතිහාසයේ අධ්යක්ෂ මණ්ඩලයට පත් පළමු වැනි කාන්තාවද වෙයි.
ඔඩෙල් විලාසිතා සන්නාමයේ නිර්මාතෘවරිය වන ඇය, 2014 වසරේදී එහි සම්පූර්ණ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් පීඑල්සී වෙත විකුණා දැමූ අතර, වර්තමානයේදී Embark විලාසිතා සන්නාමයේ හිමිකාරීත්වය දරයි.