පාසල් සිසු සිසුවියන් ඇතුව රජරට හා වයඹ ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවා පහසුවෙන් ලබාගැනීම සඳහාත්, එම සේවා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම උදෙසාත් පැවැත්වෙන 'මහ බැංකු විවෘත දිනය' 2018 සැප්තැම්බර් 21 සහ 22 යන දිනවලදී අනුරාධපුර ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේදී සහ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී (සල්ගාදු ක්‍රීඩාංගනයේදී) පැවැත්වීමට නියමිතය.
පෙ.ව.9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී මහජනතාවට තම අර්ථසාධක අරමුදල පිළිබඳ ගැටලු නිරාකරණය කරගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පිළිබඳ තොරතුරු ලබාගැනීම කළ හැකි අතර, ඊට අමතරව, කාසි හා නෝට්ටු හුවමාරුවක්ද සිදුකෙරෙයි.
එමෙන්ම, වර්තමාන මූල්‍ය පරිසරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සම්මන්ත්රණ හා වැඩමුළු කිහිපයක්ද එහිදී පැවැත්වෙන අතර, ණය උපදේශන සේවාවක්ද පැවැත්වෙන බව කියයි. මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ පිහිටි මුදල් කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාවද මෙහිදී සහභාගීවන්නන්ට ලැබෙන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන 25%ක වට්ටමක් යටතේ මිලදී ගැනීමෙ පහසුකම් ද සලසා ඇති බවත් පෙන්වා දෙයි.