වෙළඳ අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ වැඩිදියුණු කිරීමේ ආයතනය එක්ව 2021 ඔක්තෝබර් 25දා සිට 29දා දක්වා මාර්ගගතව සංවිධානය කරනු ලබන 7 වැනි ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රර්ශනයේ නිල වෙබ් අඩවිය (www.boatshowsrilanka.com) එළිදැක්වීම පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ඩී ද මෙල් මහතා, අධ්යක්ෂ ජනරාල් චිත්රාන්ජලී දිසානායක මෙනෙවිය, බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ වැඩිදියුණු කිරීමේ ආයතනයේ අධ්යක්ෂ ජී.එස්. ප්‍රනාන්දු මහතා සහභාගී වූ අතර අනෙකුත් සියලුම පාර්ශ්වයන් Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.