ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික කවුන්සිලයේ (SLCHBC) 19 වැනි වාර්ෂික මහා සභා රැස්වීම චීන තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක යැං සූයුආන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සාර්ථකව පවත්වා තිබේ.
ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික කවුන්සිලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අනුග්‍රහය යටතේ 2001 වසරේ අප්‍රේල් 26දා ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළෙඳ, ආයෝජන, සේවා සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙම කවුන්සිලය පිහිටුවා තිබේ.
2020-2021 වර්ෂය සඳහා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කාගෝසර්ව් නැව් සමාගමේ අධ්යක්ෂ අරුණ පෙරේරා මහතා තේරීපත් විය. ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ චමින්ද පෙරේරා මහතා තේරීපත් වූ අතර, කවුන්සිලයේ උප සභාපති ලෙස ස්ට්‍රෙච්ලයින් (පුද්.) සමාගමේ රුවන් සේනවිරත්න මහතා තේරීපත් විය. සින්වා හෝල්ඩින්ස් සමාගමේ හරූන් කාදර් මහතා භාණ්ඩාගාරික ලෙස තේරීපත් වූ අතර, සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි තුලිත මෙන්ඩිස් මහතා කවුන්සිලයේ ආසන්නතම හිටපු සභාපතිවරයා ලෙස සේවය කරනු ඇත.
නව සභාපති අරුණ පෙරේරා මහතා සිය දේශනයේදී සඳහන් කළේ පසුගිය වසරේදී තුලිත මෙන්ඩිස් මහතාගේ නායකත්වය යටතේ කවුන්සිලය වඩාත් ජවසම්පන්නව ඉදිරියට ගිය බවය. බොහෝ බාධක මධ්‍යයේ වුවද, රටේ අවශ්‍යතාවන්ට අනුකූල අංශ කෙරෙහි අවධානය යොමු කරමින් කවුන්සිලයේ කටයුතු අඛණ්ඩව සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරුණ පෙරේරා මහතා, "මේ අභියෝගාත්මක තත්ත්වයන් තුළ, දෙරට අතර වෙළෙඳ, සංචාරක සහ ආයෝජන අංශවල වර්ධනයට ව්‍යාපාරික කවුන්සිලය පහසුකම් සපයන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලනවා. බොහෝ සබඳතා සඳහා අපගේ ආදරණීය මිත්‍ර තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක සහ අන් සියලු නිලධාරීන්ගේ සහාය අප බලාපොරොත්තු වෙනවා. මෙම ප්රයත්නයේදී අපගේ ආයෝජන හා අපනයන සංවර්ධන මණ්ඩලයේ සෙසු කමිටු සාමාජිකයන් අපගේ පොදු අරමුණු මෙහෙයවීම සඳහා අප හා එක්වනු ඇතැයි අප විශ්වාස කරනවා" යැයි සඳහන් කළේය.
චීන තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක යැං සූයුආන් මහතා අදහස් දක්වමින්, "වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන රජය වඩාත් පුළුල්, පරිපූර්ණ හා දැඩි පියවර ගෙන තිබෙනවා. එම තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලංකා රජය සහ සෑම තරාතිරමකම පුද්ගලයන් චීනය වෙත හද උණුසුම් කරවන ක්‍රියාමාර්ග සහ ක්‍රියාකාරී සහයෝගය ලබා දුන්නා. චීනය, ශ්‍රී ලංකාව සමග ඇති මිත්‍ර සබඳතා අගය කරන අතර, ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරනවා. එක්සත් හා දැඩි උත්සාහයෙන් පසුව, චීනය වසංගතය සාර්ථකව පාලනය කර ඇති අතර, චීනයේ ජීවන රටාව හා ආර්ථිකය දැන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. වසංගතය ආර්ථිකයට අහිතකර ලෙස බලපා තිබියදීත්, දෙවැනි කාර්තුවේදී චීනයේ ආර්ථික වර්ධනය සෘණාත්මක සිට ධනාත්මක දෙසට හැරී ඇති අතර, එය වසරින් වසර 3.2%ක වර්ධනයක් පෙන්නුම් කරනවා. අප රටවල් දෙක ක්‍රමයෙන් විවිධ ක්ෂේත්රවල සහයෝගීතාව යථාතත්ත්වයට පත්කරමින්, උසස් සහයෝගීතාවක් සමග %එක් මාවතක් එක් තීරයක්^ මුලපිරීම සමග ඉදිරියට ගෙනයනු ඇතැයි අප විශ්වාස කරනවා. මෙවැනි උත්සාහයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමටද ඉවහල් වනු ඇති" යනුවෙන් පවසා සිටියේය.
මීට අමතරව, අබාන්ස් පීඑල්සී, කොස්කෝ ලංකා (පුද්.) සමාගම, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි, හේලීස් ඇග්රිකල්චර් හෝල්ඩින්ස්, ඇකෝන් ඒවියේෂන් (පුද්.) සමාගම, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී, ප්‍රීමා සිලෝන් (පුද්.) සමාගම, ස්පිල්බර්ග් හෝල්ඩින්ස් (පුද්.) සමාගම, සන්ෂයින් ටී (පුද්.) සමාගම සහ සෑම් ජෙම්ස් (පුද්.) සමාගම කවුන්සිලයේ විධායක කමිටු සාමාජිකත්වය සඳහා තෝරා පත්කර ගන්නා ලදී.