කලාපයේ පළමු වැනි සහ විශාලතම අතථ්‍ය ආයෝජන සංසදය ලෙස 'ශ්‍රී ලංකා ආයෝජන සංසදය 2021' අද (07දා )සිට 09දා දක්වා පැවැත්වීමට නියමිතය.
ආයෝජන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව දින තුනක් පුරා පැවැත්වෙන මෙම අතථ්‍ය සංසදය සංවිධානය කරන අතර, මෙමගින් ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සහ ප්‍රාග්ධන වෙළඳපොළ අවස්ථා ලොව පුරා සිටින ආයෝජකයන්ට මෙන්ම, පුළුල් පරාසයක විහිදෙන කර්මාන්ත අංශ සහ ආයතනයන් වෙත පෙන්නුම් කරනු ඇත.
'ශ්‍රී ලංකාවේ වර්ධන දශකය' සඳහා සහභාගී වන ලෙස ගෝලීය ආයෝජකයන්ට ආරාධනා කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, "ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතය වේගයෙන් ඉහළ නැංවීම සඳහා දශකයක වර්ධනයක් දියත් කිරීමට අපේක්ෂා කරනවා. අපගේ උපායමාර්ගික පිහිටීම අපගේ ව්‍යාපාරික හිතකාමී ප්‍රතිපත්ති සමග ඒකාබද්ධව වර්ධනය වේගවත් වනු ඇති. ශ්‍රී ලංකා රජය සංවර්ධනය වෙනුවෙන් උරදෙනවා. අපගේ ප්රගතිශීලී ප්‍රතිපත්ති, ප්‍රතිපත්තිමය අනුකූලතාව සහ රාජ්‍ය මූල්‍ය දිරිගැන්වීම්වලින් පැහැදිලි වන පරිදිම අප ව්‍යාපාරවලට සහාය ලබාදෙනවා. එසේම ඉදිවන වරාය නගරය ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරනු ඇති. ශ්‍රී ලංකාව විවිධ අංශයන්හි ගෝලීය ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාව තුළ තම වර්ධනයන් තහවුරු කර ගැනීමට ගෝලීය සමාගම්වලට ආරාධනා කිරීම සතුටට කරුණක් බව සඳහන් කළ යුතුයි." යනුවෙනි.