ශ්‍රී ලංකාව නිදහස සමරන මොහොතේදී එක්සත් ජනපද රජය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් පිළිගන්වන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පවසයි. ශ්‍රී ලංකා ජාතික දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මෙසේ පවසා ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,
"අපගේ පොදු ප්රජාතන්ත්රවාදී සාරධර්ම මත පදනම්ව ශ්‍රී ලංකාව සමග ඇති සබැඳියාව තර කර ගැනීමටත්, ඉන්දු-පැසිෆික් කලාපයේ පොදු වැදගත්කම වර්ධනය කර ගැනීමටත් එක්සත් ජනපදය උනන්දුවෙන් සිටිනවා. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ආයතන සහ ව්‍යවස්ථාමය ක්‍රියාදාමයන් ඔබේ රටෙහි අඛණ්ඩ ප්රගමනය සහතික කර තිබෙනවා. අපගේ ජාතීන් අතර සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමටත් සහ ස්ථාවර සාමකාමී අනාගතයක් තහවුරු කිරීම සඳහාත් අප එක්ව කටයුතු කරන්නවා. ඔබේ ජාතික දිනය සමරන මේ මොහොතේ, සාමය සහ සතුට පිරි ඉදිරි වසරක් සඳහා මගේ සුබ පැතුම්." යනුවෙනි.