නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් (රාජ්‍ය අමාත්‍ය) මේරියෑන් හේගන් දෙදින නිල සංචාරයක් සඳහා එලැඹෙන 5දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී ඇය ශ්‍රී ලංකා අගමැතිවරයා මෙන්ම, අමාත්‍යවරු කිහිප දෙනෙකුද, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ, මානව හිමිකම් කොමිසමේ හා සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ව්‍යාපාරිකයන් මුණ ගැසෙනු ඇත.
ස්ලැස්කොම් ආයතනය සමග නෝර්වීජියානු අයි.සී.ටී එක්ව පවත්වන 'කිඩ්ස් කැන් කෝඩ්' වැඩසටහනේ ආරාධිත අමුත්තිය ලෙසද සහභාගී වීමට සූදානමින් සිටින ඇය, ස්ලැස්කොම් සහ නෝර්වීජියානු තානාපති කාර්යාලය තොරතුරු තාක්ෂණික ක්ෂේත්රය නැංවීම වෙනුවෙන් සිදුකරනු ලබන ඒකාබද්ධ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවටද සහභාගී වීමට නියමිතය.