ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙල්බර්න් වෙත මෙහෙයුම් ඇරඹීමේ පළමු සංවත්සරය සමරමින් දෙවැනි වරටත් මෙඩිබෑන්ක් මෙල්බර්න් මැරතන් උළෙලේ අර්ධ මැරතන් තරඟය අති සාර්ථකව පවත්වා තිබේ.
වසරක 41ක තරඟ ඉතිහාසය තුළ 34,734 වැනි වාර්තා ගත ධාවකයන් පිරිසක් ඉසව් 5ක් ඔස්සේ මෙවර තරඟ කර ඇති අතර, ශ්‍රී ලංකන් අර්ධ මැරතන් තරඟය, උපරිම ධාවකයන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් වූ බව ඔවුහු පවසති.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ, "ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙල්බර්න් වෙත මෙහෙයුම් ආරම්භය කිරීමේ පළමු වැනි සංවත්සරය සලකුණු කරද්දී, ගෝලීය කීර්තිමත් මලල ක්‍රීඩා ඉසව්වක් වන මෙල්බර්න් මැරතන් තරඟය ඔස්සේ නැවත වරක් ඔබට සමීප වීමට ලැබීමට සතුටට කරුණක්. තවද අපගේ මෙල්බර්න් මෙහෙයුම් ගනුදෙනුකරුවන්ගේ පැසසුමට ලක් වී ඇති අතර, එය වාණිජ වශයෙන්ද සාර්ථකත්වයක් ලබා තිබෙනවා. එසේම කලාපය තුළ අපගේ සේවා තවදුරටත් තහවුරු කරමින් ව්‍යාප්තිය පුළුල් කිරීමේ අවස්ථා දිගටම සිදුකරගෙන යනවා" යනුවෙනි.