ශ්‍රම බලකායේ ඵලදායීත්වය ඉහළ නැංවීමේ සම්මන්ත්‍රණයක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 07දා පැවැත්වීමට නියමිතය.
මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව සමග ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය, මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය එක්ව මෙය සංවිධානය කරනු ලබයි.
ජුනි 07දා පෙ.ව. 9.00 ට කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි වරලත් ගණකාධිකරණ ආයතනයේ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේදී අමාත්‍ය සරත් අමුණුගම මහතා මෙහිදී විශේෂ දේශනයක්ද පවත්වන බව දැනුම් දෙයි.