ආනයනවල ඉහළ වර්ධනය හේතුවෙන් 2018 ඔක්තෝබර් මස වෙළෙඳ හිඟය පසුගිය වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ.
එමෙන්ම, 2018 වසරේ පළමු මාස 10 තුළ සමුච්චිත වෙළෙඳ හිඟය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පුළුල් වී තිබේ.
කෙසේ වෙතත්, ඇතැම් ආනයන මත පැනවූ යම් සීමා කිරීම්වල බලපෑම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ආනයන වැඩිවීමේ ප්රවණතාව පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
ඒ අනුව, 2018 ඔක්තෝබර් වෙළෙඳ හිඟය ඇ.ඩො.මිලියන 903ක් ලෙස ගණන් බලා ඇති අතර, 2018 පළමු වැනි මාස 10 තුළ වෙළෙඳ හිඟය ඇ.ඩො.මිලියන 8,857ක් ලෙස ගණන් බලා තිබේ.