ලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය හා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරැක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ලබන 28 හා 29 දිනයන්හිදී පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
සමුළුවේ සමාරම්භක උත්සවය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එම්.එල්.ඒ.එම් හිසබුල්ලාහ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා සහභාගී වන අතර, ප්‍රධාන කථිකයන් ලෙස ආචාර්ය මන්තිලක හා ආචාර්ය ෆ්රෑන්ක් රිජ්ස්බර්මන් යන මහත්වරු සහභාගී වෙති.
ඇමෙරිකානු ආධාර අරමුදල හා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් සහභාගී වන්නන් විසින් ඔවුන්ගේ පර්යේෂණ ප්‍රායෝගික යෙදීම් සහ සිද්ධි අධ්‍යයනයන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
නව සොයා ගැනීම්, නැඹුරුතා සහ වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාව ඇති කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම සඳාහ වෘත්තියවේදීන් සහ ක්‍රියාකාරීන්ට අවකාශය සලසාදීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වේ.