මේ වසර අවසානයේදී වාහන ආනයන සීමා ඉවත් කිරීමේ හැකියාව පසුවිපරමට ලක්කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
දැනට සීමා කර ඇති වාහන ආනයනය සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් මෙම අදහස් පළ කළේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ පවතින ඉලක්කම් හොඳ වූ විට ආනයන සීමා ලිහිල් කිරීමේ අවස්ථා සලකා බැලිය හැකි අතර, මේ ආකාරයෙන් සීමාවන් යොදාගෙන සිටීමට මහා භාණ්ඩාගාරයද අකැමැති බවය.
වාහන ආනයනයේ සීමා පැවතියත් අමතර කොටස් ආනයනයට මේ වනවිටත් අවස්ථාව ලබාදී ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.