2019 මැයි මස 18 වැනි දිනට යෙදී තිබෙන වෙසක් පුර පසලොස්වක පෝය දිනය නිමිත්තෙන් මුදල් අමාත්‍යාංශයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ පින්කමක ඉතා සාර්ථකව පවත්වා තිබේ.
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් උදෙසා මෙම ලේ දන්දීමේ පින්කම සිදුකර ඇත.
2019 මැයි මස 15 දින අමාත්‍යාංශයේ සියලුම දෙපාර්තමේන්තුවල සේවකයින් විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළ බව මුදල් අමාත්‍යාශයේ මාධ්‍ය ඒකකය පවසයි.