රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්රයත්නයට සහාය ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රේල් 08 වැනි දින විශේෂ තැන්පතු ගිණුම් හඳුන්වා දෙන ලදී.
ඒ අනුව 2020 ඔක්තෝබර් මස 07 වැනි දින වනවිට විශේෂ තැන්පතු ගිණුම්වල ඇති මුළු තැන්පතු ප්‍රමාණය දළ වශයෙන් ඇ.ඩො.මිලියන 272ක් විය. විදේශ විනිමය ඉතා විශාල ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි ධනාත්මක බලපෑම සලකා බලා ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත විදේශ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය 2021 අප්‍රේල් 07 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
මීට අමතරව, එම විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමෙන් ඇතිවන යහපත් බලපෑම් සලකා බලා, ශ්‍රී ලංකා රජය විදේශ තැන්පතු ගිණුම් කල්පිරීමේදී ලද මුදල් නියමිත කාල්පිරීමේ දිනය ඉක්මවා පවත්වා ගැනීමට අදහස් කරන විදේශ තැන්පතු ගිණුම් හිමියන්ට, එම විශේෂ තැන්පතු ගිණුම් බලයලත් වෙළෙඳුන් සමග සාමාන්‍ය තැන්පතු ලෙස අලුත් කර ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබාදී ඇත.